රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් වල යම් ඖෂධ හිඟයක් පවතී නම් ඒවා ලබා ගැනීම සඳහා උදව් කිරීමට අපට හැකියාව පවතී. ඒ වෙනුවෙන් කැප වී සිටින ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය හා සමබන්ධ ජාත්‍යන්තර උපදේශකවරයා හා සෘජුවම සම්බන්ධ කරදීමට අප කටයුතු කරනු ඇත.
එසේම අනෙකුත් රෝහල් වලටද එය සිදු කිරීම එතුමා විසින් අරඹා තිබෙන බැවින් ඉතාම සීමිතව ඒ සදහා අවශ්‍ය කටයුතු එම විශේෂඥයා විසින් සිදු කරනු ඇත.
එබැවින්, රත්නපුර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ සිට සියලුම වෛද්‍යවරුන් මේ පිලිබඳව දැනුවත් කරන ලෙසද, අපගේ ව ඇප් අංකයට පණිවිඩයක් තබන ලෙසද, කාරුණිකව ඉල්ලා සිටිමු.
නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සිටි එම අචාර්තුමාට අපගේ උත්තමාචාරය ද මෙසේ සටහන් කරන්නෙමු.