දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් රෝහලේ සේවය කරන සමහර සුළු සේවකයන් හා සමහර ආරක්ෂක නිළධාරින්ගේ සමහර ක්‍රියාකාරකම් හේතුවෙන් එම රෝහලට ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන රෝගින් පිරිසක් පවසනුයේ මෙම රෝහලේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඉතාමත් ලෙන්ගතුව හා කාරුණිකව රෝගින්ට ප්‍රථිකාර ලබා දිමට පියවර ගන්නා බවත්ය.
එහෙත් මෙම රෝහලේ ඉතාමත් සුළු සුළු සේවක හා සුළු ආරක්ෂ නිලධාරින් පිරිසක් තමන්ට ඉතාමත් නරක ආකාරයෙන් රෝගින් වන තමන්ට කටයුතු කරන බවත් මෙම තත්වයන් මත තමන් බොහෝ අවස්ථාවලදි අන්ත අසරණ තත්වයන්ට පත්වන බවත්ය.
සමහර අවස්ථාවලදි මෙම සුළු පිරිස තමන්ට කරනු ලබන විවිධ කෙනහිලිකම් බලා සිටින එම රෝහලේ සේවය කරන සුළු සේවකයන් හා ආරක්ෂ නිලධාරින් තම පිහිටට පැමිණෙන බවත් එම අවස්ථාවලදි තමන්ට කෙහිලි කම් දක්වන පිරිස් ඔවුන්ටද බැන වැදි පිටව යන බවද එම පිරිස පවසති.
මෙවන් තත්වයන් මත විවිධ රෝග සදහා ප්‍රථිකාර ලබා ගැනිම සදහා මෙම රෝහලට යන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවද මෙම තත්වයන් පිළිබඳ අදාල අංශවල අවදානය යොමු විය යුතු බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම රෝහලේ පරිපාලන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙවන් තත්වයක් පිළිබඳ කිසිදු පැමිනිල්ලක් මේ වන තෙක් ලැබි නොමැති බවත් යම් සේවකයකු පිළිබඳ යම් පැමිනිල්ලක් ලැබුනහොත් ඒ පිළිබඳව නිසි පරික්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
මෙම රෝහලට පැමිණෙන්නේ රෝගින් බවත් එසේ පැමිණෙන රෝගින්ට විවිධ කෙනහිලිකම් කිරිමට කිසිදු සේවකයකුට නොහැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි. (චායාරුපය අදාල රෝහලට අයත් එකක් නොවේ)