රෝහලේ වාහනය පාටියට අරන් ගොස් කනුවක ඇනලා.

තෙල්දෙනිය මුලික රෝහලට අයත් කැබ් රථය පසුගිය දා රාත්‍රියේ දෙල්තොට ප්‍රදේශයට ගොස් ආපසු මහනුවරට පැමින අනතුරුව සාදයක් සඳහා සහභාගි වීම සඳහා ආපසු තෙල්දෙනිය බලා ගමන්කරමින් සිටියදි ⁣මහනුවර තෙල්දෙනිය මාර්ගයේ කෙන්ගල්ලේදි මාරගයෙන් ඉවතට පැන ටෙලිෆෝන් කනු දෙකක වැදී අනතුරුට ලක්ව තිබේ.

එම අවස්ථාවේ රථය තුළ රියදුරු පමණක් ගමන්කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ රියදුරු තෙල්දෙනිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙනිය පොලිසිය සිදුකරයි.

රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තම පෞද්ගලික ගමන් සඳහා පවා මෙසේ රාජ්‍ය දේපළ යොදා ගනු ලබයි.

මෙවැනි සිදුවීම් තුලින් තව තවත් රාජ්‍ය වියදම් ඉහළ යනවා පමනක් නොව රටේ ආර්ථික තත්ත්වය ද තව තවත් අගාධයට යනු ඇත.

Exit mobile version