නවසීලන්තයට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්ව තිබේ.
වාර්තා වන ආකාරයට මීට පෙර ක්රිස් ගේල් හයේ පහර 49 ක් ලබා ගෙන සිටි අතර අද ඔහුගේ වාර්තාව බිඳ දැමීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා හැකියාව ලැබී තිබේ.