රෝහිත් තරඟ පරාජයට හේතු කියයි.

ඊයේ (10) විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟයක් වුණු ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එම තරඟය පරාජය වීමත් සමඟ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සඳහන් කළේ පිඩනයට මුහුණ දෙමින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා ඊයේ (10) පැවති තරඟය පරාජය වූ බවයි.

එසේම පිතිකරුවන් සාර්ථක වුවත් පන්දු යවන්නන්ගේ දුර්වලතාවය තරඟ පරාජයට හේතු වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සිය පන්දු වාර විස්සයි 20 තරඟ අත්දැකීම් මනා ලෙස යොදා ගනිමින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට කටයුතු කළ බව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරඟය එංගලන්තය සහ පාකිස්ථානය අතර මෙල්බන්හි දී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version