ලංකාවට ණය ගෙවන්න සහන කාලයක්.

ශ්‍රී ලංකාව තුල පවතින ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ලංකාව ලබාගෙන ඇති ණය ගෙවීම සදහා වසර 10 සහන කාලයක් ලබාදීමට පැරිස් සමාජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය සහ තවත් විදෙස් වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබුණි.

මිට අමතරව පැරිස් සමාජය යෝජනා කර ඇති පරිදි වසර 15 ණය ප්‍රතිව්‍යුහගතකරණ සැළසුමක් ද හදුන්වා දී ඇති බව ද එම වාර්තාවේම සදහන් විය.

***

Exit mobile version