වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම විසින් නව මදුරු විශේෂ දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත.
එම මදුරු විශේෂ කියුලෙක්ස් සින්ටෙලස් සහ කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා යන නම්වලින් හඳුන්වා ඇත.
මෙම මදුරු විශේෂ දෙක මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයාගෙන ඇති අතර මෙම විශේෂයන් මීට ඉහතදී ඉන්දියා සහ තායිලන්තය යන රටවලින් හඳුනාගෙන තිබුණි.
කෙසේ නමුත් මෙම විශේෂයන් සම්බන්ධයෙන් මේ වන විටත් පර්යේෂණ සිදුවන බවත් මොවුන් රෝග වාහකයන් ද යන්න තවදුරටත් පර්යේෂණ සිදුකරන බවත් වාර්තා වේ.
මේ අතර සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේ මෑත කාලීනව මෛවැනි මදුරු විශේෂ 03ක් කීටවිද්‍යා නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය තවදුරටත් වැඩි වන බවට සාධක මතු කරමින් කරන ලද මෙම නව සොයාගැනීම් පිළිබද තවදුරටත් ලොව පරීක්ෂණ සිදුකරමින් පවතියි.
මේ වන විට සිදුකර ඇති පර්යේෂණ තුළින් අනාවරණය වී ඇත්තේ මෙරටින් සොයාගන්නා ලද සහ මේ වන විට ඉන්දියාව තුළින් ද සොයාගෙන ඇති එක් විශේෂයක් වන කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා මදුරු විශේෂය මොළේ මැලේරියාව බෝ කරන ,කියුලෙක්ස්ඉන්ෆියුලා කියන විශේෂයට වැඩි වශයෙන් ඥාතිකම් දක්වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක පෙන්වා දුන්නේ, පසුගිය වසර 05ක කාලය ඇතුළත සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් විසින් නව මදුරු විශේෂ 03ක් හඳුන්වා දී ඇති අතර තවත් මදුරු විශේෂ 04ක් මෙරට තුළ තහවුරු කර ඇති අතර එවායේ ජානමය පර්යේෂණ සඳහා කොරියානු විශ්වවිද්‍යාලයක් වෙත යවා ඇති බවයි.