ලංකාවේ පර්චස් 01ක වටිනාකම රු.02.00යි!

කෝප් කමිටුව ඊයේ (21) දිනයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව  සතු ඉඩම් අක්කර හාරලක්ෂයක් පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙසට නියෝගයක් ලබාදෙන ලදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

එහිදී විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ ඔවුන් සතුව පවත්නා ඉඩම්වල වටිනාකම සඳහන්ව ඇත්තේ මිලියන 676ක් ලෙස බවත්, ඉඩම් අක්කර ලක්ෂ 18 වටිනාකම මිලියන 676ක් පමණක් විය නොහැකි බවත්, එවිට අක්කරයක වටිනාකම රු.373ක් පමණක් වන බවත් එය නිවැරදි විය යුතු බවත් ය.

Exit mobile version