චීනයේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයින් විසින් යුරෝපීය වෙළෙඳපොළ ජයගැනීම සඳහා වැඩි ආරක්ෂාවක් සහිත තාක්ෂණයෙන් පරිපූර්ණ මෝටර් රථ නිර්මාණය කිරීම සඳහා සූදානම් වන බව වාර්තා වෙයි.
එසේම පසුගිය මාස කිහිපය තුළදී චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ මාදිලි කිහිපයක් “යුරෝපීය නව මෝටර් රථ තක්සේරු වැඩසටහන” යටතේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගැනීමට සමත්ව තිබේ.
සමහර චීන සමාගම් මේ වනවිටත් නෙදර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ නොර්වේ වැනි රටවල සිය නිෂ්පාදන ප්‍රචලිත කිරීමට සමත් වී තිබේ.