ලංකාවේ සියල්ලම විකුණයි. ජනතාව ස්වාභාවිකව වහල්ලු වෙයි.  පුංචි එවුන්ගේ අනාගතය විකුණා වර්තමාන පාලකයන් ගොඩ යයි.

අවුරුදු ගණනාවක අයහපත් පාලනයෙන් ශ්‍රී ලංකාවේ සියල්ලම පිටරටවල වලට විකුණාගෙන කා දැන් අවසන්ය. රටේ අනාගතය මෙනම් වර්තමානයද දැන් විකුණා අවසන් බව පෙනේ.

ශ්‍රී ලංකාවේ විදුලි  ඒකාධිකාරියත් විදේශීය සමාගම් වලට ලබා දී තිබේ. මේ හැසිරීමට අනුව ටික දවසක් ගෙවෙන විට ශ්‍රී ලංකාවේ වරායවල්  ගුවන්තොටුපළවල්, ශ්‍රී ලංකා ටෙලිකොම් රක්ෂණ සංස්ථාව වැනි දේවල් ද  විකුණාගෙන කන්නේ නැති බවට කිසිදු සහතිකයක් නැත. බංකොලොත් ආර්ථිකයෙන් ගොඩ ඒමට බැරි වුවත් ජීවත් වීම උදෙසා ගොවියෝ ඉතුරු ඉඩම් ටිකක් බැංකුවලට සහ  විදේශීය සමාගම් වලට විකුණානු ඇත.

ධම්මික පෙරේරාද අධ්‍යාපනය පැත්තෙන් අමුතුම ගේමක් ගසති. ඔහුගේ ආගමනයට අනුව නුදුරේදීම අධ්‍යාපනය සහ සෞඛ්‍යය විකුණන්න පනත් ගෙන එනු ඇත. ඒ අනුව පෙනී යන්නේ  ශ්‍රී ලංකාවට ආදායමක් එන්නට කිසිදු දෙයක් නැති බවයි. එයින් කියවෙන්නේ අහිංසක ජනතාවගේ, අහිංසක පුංචි එවුන්ගේ සමස්ත අනාගතයම විකුණා ආත්මාර්ථකාමී පාලකයන් සැපෙන් සිටින බවයි.

රටේ ජනතාවත් බංකොලොත්. රටත් බංකොලොත්. රාජ්‍ය බලය යොදාගෙන රට විකුණා ඇත. දූෂිත, වංචනික පාවා දෙන්නන්ගෙන් ශ්‍රී ලංකාව පිරි ඉතිරි ගොස් තිබේ.

ඒ අතර ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද ඔහු සඳහන් කළේය.

එයින් කියවෙන්නේ ණය ලබා ගැනීම සහ රට විකුණා මුදල් සෙවීම හැර වෙනත් කිසිදු දැනුමක් ඔවුන්ට නොමැති බවයි. මේ විනාශ කර තිබෙන්නේ ඔබෙත් මගෙත් රටයි. ඔවුන් රට විකුනන්නේද රාජ්‍ය බලය සහ ආරක්ෂාව සමගය.

Exit mobile version