කෘෂිකාර්මික හා තවත් විශේෂඥයන්ගේ හා නව තාක්ෂණයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ආහාර පැකට්, විදේශීය හමුදාවන්හට හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සුදානම් බව යුද හමුදාව පවසා තිබේ.
ශ්‍රී ලංකාව මෙම ආහාර පැකට් මීට පෙර මැලේසියාවෙන් ගෙන්වීමේදී වියදම් වූ ආසන්න වශයෙන් මිලියනයක් පමණ වන මුදල්, යුද හමුදාවේ මෙම නිෂ්පාදනයත් සමග ලංකාවෙන් බැහැරට යාම වැළකී ඇති බව සදහන් වේ.