ලංකා ගුරු සංගමය නැවතත් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරයි

එළඹෙන 09 වනදා සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කොළඹ දී සිදුකිරීමට සංවිධානය කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එමෙන්ම එහි සභාපති ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ මේ වන විට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ඔවුන් ළමුන්ට ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බවත් වෙනත් කිසිදු කාර්යයක් සිදු නොකරන බවත් ඔවුන්ගේ රාජකාරිය 7.30 – 1.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බවත් එහි දී ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කර ඇත.

Exit mobile version