ප්‍රථම වතාවට සංවිධානය කරන ලංකා පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බවට තරගාවලියේ සංවිධායකයින් වන ‘ටී ටෙන් ග්ලෝබල් ස්පෝර්ට්’ ආයතනය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ලංකා පන්දුවාර 10 තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කණ්ඩායම් 6ක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත බව සදහන්.
එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් 16 කගෙන් යුත් සංචිතයක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව හිමි වන අතර එක් සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයන් 6ක් ඇතුළත් කර ගැනීමටද අවස්ථාව පවතී. තරගාවලිය මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත බවට සංවිධායකයන් සඳහන් කරති.
තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා “මෙම තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්රවණතා සමගින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායකත්වය ලබා දෙමින් විශිෂ්ට සාර්ථකත්වයක් ළඟා කර ගනු ඇතැයි මට පූර්ණ විශ්වාසයක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කර තිබිණි.