ලක්විජය අඩුම ලංසුවට ටෙන්ඩර් ලබාදෙයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනයට ලැබුණු අඩුම ලංසුවට ඊට අදාළ ටෙන්ඩර් ප්‍රදානය කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්වීටර් ගිණුමේ  සඳහන් කර ඇත්තේ  පසුගිය 25 වනදා එම ටෙන්ඩරය ලබාදුන් බවයි.

අමාත්‍යවරයා  සඳහන් කළේ එම ටෙන්ඩර් නිකුත් කිරීම නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදුකර ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ ගල් අඟුරු නැව්ගත කළ දින සිට සැපයුම්කරුවන් මාස 06ක ණය පහසුකමක් ලබාදෙන බවයි.

මේ අතර පුනර්ජනනීය බලශක්ති සැලසුම්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් කංචන විජේසේකර අමාත්‍යවරයා සමග  පවත්වා ඇති බව ද සඳහන් වේ.

Exit mobile version