ලක්ෂ්මන් යාපාට තවත් වගකීමක් .

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර ඇති බව වාර්තා වේ.

ඒ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විදේශගතවීම හේතුවෙනි.

ඒ අනුව මහීපාල හේරත් ආණ්ඩුකාරවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මාර්තු මස 13 වන දින සිට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන කටයුතු කරනු ඇති බව සදහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර තිබේ.

Exit mobile version