ලක්ෂ 30 ක් වටිනා මුද්‍රිත පෝරම තොගයක් විකුණූ සැකකරු අත්අඩංගුවට .

මරදාන ප්‍රදේශයේ පෞද්ගලික මුද්‍රණ ආයතනයක් විසින් භාර දීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 30ක් වටිනා මුද්‍රිත පෝරම තොගයක් මුද්‍රණ ආයතනයේ සිටි සේවකයෙකු විසින් අදාළ ආයතන වලට භාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව වාර්තා කරයි.

මුද්‍රණ කටයුතු කිරීම සදහා ඇනවුම් ලබා දුන් ආයතනයක් විසින් ඇනවුම් ලබා දීමට පොරොන්දු වූ කාලය ඉක්ම ගියද ඇනවුම් නොලැබුණු බව මුද්‍රණාල හිමිකාරිය වෙත දැනුම් දුන් පසු එම හිමිකාරිය පොලීසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

පසුව කොළඹ වංචා විමර්ශන අංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව කියයි.

මෙම සැකකරු මුද්‍රිත පෝරම තොගය මරදාන , බොරැල්ල ආදී ප්‍රදේශවල බෝතල් පත්තර කඩවලට වරින් වල රුපියල් 3000 ,4000 ආදී මිල ගණන් වලට විකුණා රුපියල් 20,000ක පමණ මුදලක් ලබා ගත් බව සැකකරුගෙන් කළ ප්‍රශ්න හමුවේ ප්‍රකශ කළ බව වාර්තා වේ.

Exit mobile version