ඉහළින් පැමිණි වාරණ නියෝගයක් මත අතරමඟ නවතා දැමීමට සිදු වූ ‘ඩීප් ජන්ගල් පෙස්ටිවල්’ පිලිබඳ ‘ඩීප් ජන්ගල් එන්ටර්ටේට්මන්ට්’ හි අධිපති සුමුදු සමන් මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය සාකච්ඡාවකට සම්භන්ද වෙමින් මේ පිලිබඳ සැඟවුණු තොරතුරු බොහොමයක් අනාවරණය කරන ලදි.
ඩීප් ජන්ගල් එන්ටර්ටේට්මන්ට් හි අධිපති ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය හබරන ප්‍රදේශයේ දින 3කදී පැවැත්වීමට නියමිතව තිබූ බවත් , මෙය සංගීතය,සංස්කෘතිය,කලා යන ත්‍රිත්වයේ සංයෝගයක් බවත් , මෙතෙක් ඉතිහාසයේ ඉදි කළ විශාලම තොරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් , මෙම දින තුන සඳහා සංචාරකයින් 2500-3000ත් අතර පිරිසක් බලාපොරොත්තු වූ බවත්ය.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සංචාරක කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම් මෙවන් වැඩසටහන් අවශ්‍ය බවයි.
තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම්,දිශා වන අඩවි කාර්යාලය,වනජීවි සංරක්ෂණ,ප්‍රාදේශිය මහ ලේඛම්….ඇතුලු අවසර හිමිවිය යුතු ආයතන වලින් අවසර හිමි වුවත් ලක්ෂ 338ක් වියදම් කර පැවැත්වීමට තිබූ මෙම වැඩසටහන අවසන් මොහොතේ ඉහළින් පැමිනි වාරණ නියෝගයක් හේතුවෙන් අතරමග නතර කිරීමට සිදු වූයේ අවසර ලබා දුන් රාජය්‍ය ආයතනවල රාජකාරිය නිසි පරිදි ඉටු නොවූ බවයි
‘ඩීප් ජන්ගල් පෙස්ටිවල්’ එක අතරමඟ නවතා දැමීමට හේතු වූ තවත් කරුණු දැන ගැනීමට පහත විඩියෝව නරඹන්න.