ලංකා සතොස ආයතනය උත්සව සමයේ මිල අඩු කිරීම් කිහිපයක් සිදු කරයි.
ඒ අනුව භාණ්ඩ වර්ග 07ක මිල පහත දැමීමට ලංකා සතොස කටයුතු කර ඇති අතර අද (23) සිට සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළූණු, රතු පරිප්පු, ටින් මාළු ,මිරිස් සහ හාල්මැස්සන් යන භාණ්ඩ ඒ අතර වේ.
මෙම මිල අඩු කිරීමට අනුව රතු පරිප්පු කිලෝග්රෑම් 01 ක මිල රු.11 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු.374ක් වශයෙනි.
සුදු සීනි මිල ද රු.04 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.220ක් වේ.
ලොකු ළූණු කිලෝවක මිල රු.05කින් අඩු කර ඇති අතර ඒ අනුව සංශෝධිත නව මිල වන්නේ රු.185 කි.
ග්රෑම් 425 සැමන් ටින් එකක මිල රු.15කින් අඩු කර ඇති අතර එහි නව මිල ද රු.475ක් වශයෙන් සඳහන් ය.
එමෙන්ම මිරිස් කිලෝ ග්රෑම් 01ක මිල රු.15කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.1780 ක් වශයෙන් සටහන් විය.
මේ අතර හාල් මැස්සන් කිලෝග්රෑමයක මිල ද රු.50 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.1100ක් වශයෙන් සටහන්ව තිබුණි.
මෙම මිල අඩු කිරීම් පිළිබඳ ජනතාව කෙසේ සෑහීමකට පත්වන්නේ ද යන්න අපට අනුමාන කළ නොහැක.නමුත් ජීවන බරින් පීඩිත අහිංසක මේ ජනතාවට මෙම උත්සව සමය වෙනුවෙන් මීටත් වඩා යමක් රජයෙන් ඉටුවිය යුතුව තිබුණි.