ලක් සතොසේ ගැහිල්ලෙන් සේවකයන්ගේ වැටුප්ද අහිමිවන ලකුණු.

ලක් සතොසේ වංචා සහ දූෂණ ගනනාවක් මේ වන විට අනාවරණය වී තිබේ. අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව ලක් සතොස ආයතනය විවිධ ආයතන සදහා රුපියල් බිලියන 7.6 ක් , බැංකු ODසදහා බිලියන 4.5 ක් , බැංකු ණය සදහා බිලියන 1.5 ක් ගෙවීමට ඇති අතර ලැබී තිබෙන තොරතුරු වලට අනුව ලක් සතොසේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.6 කි.

එසේම ලක් සතොසේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 11 ක් දක්වා අඩු වී තිබෙන අතර එයට හේතුව ලෙස ගිණුම් වාර්තා පෙන්වා දෙන්නේ ලාභය වැඩි භාණ්ඩ අලෙවිය සදහා ඉදිරිපත් නොකිරීම සහ ලාභයක් ලබා ගත හැකි භාණ්ඩ අලෙවිය සදහා ඉදිරිපත් නොකිරීමයි.

එසේම ලක් සතොසේ සේවකයන්ට වැටුප් ගෙවීම සදහා ඇත්තේ තවත් මාසයක් හෝ දෙකක් බවද සදහන් වන අතර , සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි වුවහොත් එයට වරද ලක් සතොසේ සේවකයන්ගේද යන්න සාමාන්‍ය සේවකයන් ප්‍රශ්න කරති.

ලක් සතොසේ තවත් වංචා දූෂණ ගණනාවක් පිළිබදව තොරතුරු අපසතුව තිබෙන අතර ඉදිරියේදී ඒවාද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇත.

Exit mobile version