ලඟදීම අනුයුක්ත කරන නව විදුහල්පති පත්වීම්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පවසා තිබුනේ මේ වන විටත් විදුහල්පතිවරුන් 4,672කට පත්වීම් ලබා දී අවසන් බවයි.

වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම විදුහල්පතිවරුන් එළඹෙන නව පාසල් වාරයේදී පාසල් සඳහා අනුයුක්ත කරන බවයි.

දුෂ්කර පාසල්වල දැනට සේවය කරන විදුහල්පතිවරුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපනවේදී පුරප්පාඩු හැකි ඉක්මනින් සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පර්ෂදය තුළ තිබෙන පාසල් පර්ෂදයේ ඇති අනෙක් පාසල් විසින් බලාගන්නා ක්‍රමවේදයක් සැකසෙන බවත් එමඟින් පාසල් අතර සම්පත් බෙදී යන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version