දුනු විදිනයක් වැනි උපකරණයක් සහිතව බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වූ පුද්ගලයකුට දකුණු ලන්ඩන් පොලීසිය විසින් වෙඩි තැබීමට පියවර ගෙන තිබේ.
එම වෙඩි ප්‍රහාරය නිසා වයස අවුරුදු 30 පමණ වූ පුද්ගලයකු මියගිය බව ජාත්‍යන්තර මාධ්‍යය පවසයි.
දකුණු ලන්ඩනයේ සවුත්වෝක් හි නිවසක් තුලට සන්නද්ධ පුද්ගලයකු ඇතුළු වීමට තැත් කරන බවට හදිසි ඇමතුම් සේවයට ලද ඇමතුමකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණි.
එම පුද්ගලයා එම නිවසේ සිටින පුද්ගලයන්ට හිංසා කරන බවට තර්ජනය කර ඇති බවද සඳහන් විය.
පොලීසිය එම ස්ථානයට යන විට සැකකරු නිවස තුල වූ බවත් පොලීසිය වෙඩි තැබූබවත් වාර්තා වේ.