අප තවමත් පයින් නැගී සිටින්නේ දුෂිත රාජ්‍යක දූශිත පද්ධතියක් තුලය. සාමාන්‍ය ජනතාවට වඩා දූශිතව තිබෙන්නේ රාජ්‍ය ආයතනවලය. රාජ්‍ය ආයතන ඇතුළු ආරක්ෂක අංශයන් දූෂිත තත්වයන් වල අයහපත් ප්‍රතිපලය නිසා ශ්‍රී ලංකාව නම් වූ විශිෂ්ඨ රාජ්‍යයේ මිනිසුන් දික් විඳිති. රාජ්‍යයේ මිනිසුන් දුක් විඳිමින් බැන වදින්නේ දේශපාලන අධිකාරියට වුවත් සැබවින්ම දූෂණ, වංචා මෙන්ම අක්රමිකතාවලට වැට බැඳිය යුත්තේ රාජ්‍ය සේවක පද්ධතියයි. ඒවා වැළක්වීමේ ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන්ම නීතිමය ප්‍රතිපාධන තිබෙන්නේ නිලධාරීන්ට විනා රේඛීය අමාත්‍යවරුන්ට නොවේ. මැති ඇමතිවරුන්ගේ රාජකාරිය වන්නේ ප්රත්තිපත්තිමය තීරණ ගැනීම පමණි. ඔවුන් නිසි ලෙස ප්‍රතිපත්තිමය තීරන ගෙන තිබේද යන්න වෙනමම තීරණය කල යුතු කතාවකි.
අප එවැනි දූෂිත ආයතන මෙන්ම නිලධාරින්ද ගැන දිගින් දිගටම ලියා තිබෙන අතර මේ දින කිහිපය අප වැඩියෙන් ලියා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පිළිබඳවය. ඒ කතා මාලාවටම අදත් අලුත් කතාවක් ලෙස එකතුවන්නේ කළුතර බන්ධනාගාරය ගැනයි. එය සැබවින්ම අන්ත දූෂිත නිලධරින්ගෙන් ගහන බන්ධනාගාරයක් බව කියා ඉතිහාසය මෙන්ම වර්තමානයද සාක්ෂි දරයි. මෙම බන්දනාගාරයේ රැඳවියන් සිටින්නේ දහසකට අඩු ප්‍රමාණයක් වන අතර නිලදාරීන්ද 200කට අධික ප්‍රමාණයක් සිටී. මෙම බන්දනාගාරය තුල රැඳවියන් හට අවශ්‍ය පහසුකම් (මත් ද්‍රව්‍ය, ජංගම දුරකථන )උපරිම අයුරින් තිබෙන බව පවසන්නේ ඉන් නිදහස්ව පැමිණෙන රැඳවියන්ය . එම ජංගම දුරකථන උපයෝගී කරගෙන බාහිරින් ගෙන්වා ගන්නා බෝල තුලින් ඇතුලට පැමිණෙන තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් වල සීමාවක් නොමැත. මෙවැනි බෝල වලින් බන්ධනාගාරයට තහනම් මත්ද්‍රවය පැමිණීමේ කතාවක් මීට අවුරුදු කිහිපයකට පෙර වාර්තා වන්නේ වැලිකඩනි.
මෙසේ රැඳවියන් පුනරුත්ථාපනය කරනවා වෙනුවට ඔවුන් තව දුරටත් අපරාධකරුවන් බවට පරිවර්තනය කරන නිලධාරීන්ට විවිධ අන්වර්ථ නාම ගණනාවක්ම තිබේ. එම සමහර අන්වර්ථ නාම කිසිවකුටත් පැවසිය නොහැකි ඒවාය. එවැනි එක් නිලධාරියෙකු වන්නේ “ලපටියාය”. ඔහුට බුද්ධි වාර්තා මත ස්ථාන මාරු ලබා දුන්නද නැවතත් කළුතරටම පැමිණෙන්නේ බන්ධනාගාර මූලස්ථානයේ දූෂිත උසස් නිලධාරියෙකුගේ පිහිටෙනි. එසේ නැවත පැමිනීමට ඔවුන් උත්සාහ දරන්නේ ආදායම හොඳ බැවිනි. ඔහුට දූෂිත චෝදනා රැසක් තිබුණද මූලස්ථානයේ අරක් ගෙන සිටින උසස් දූෂිතයා නිරන්තරයෙන්ම ඔහු රකිනු ලබන්නේ ඔහුගේ අතිශය සමීපතමයෙකු වන හේතුව නිසා බව බන්ධනාගාර නිලධාරීන් චෝදනා කරති. පසුගිය කාලයේ බන්ධනාගාර නිලධාරිනියක සමඟ තිබු අනියම් පෙමක් නිසා බන්ධනාගාර අධිකාරිවරයා ගේ දෝෂාරෝපණයට ලක් වී මෙම “ලපටියාට” ස්ථාන මාරුවක් ලබා දී තිබුණි. එයද මූලස්ථාන දූෂිත නිලධාරියා විසින් අවලංගු කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් මුදල් ලබාගැනීමට මෙම චෝදනාවට ලක්වන උසස් නිලධාරියා තමන් යටතේ සිටින නියාමකවරයෙකු එම ජාවාරම් කරුගේ නිවසට යවා තිබේ. එම අවස්ථාවේදී ජාවාරම්කරුගේ නිවස වැටලූ පොලිසිය නියාමක වරයා අත් අඩංගුවට ගෙන තිබේ. පසුව තමන් සතු හිතවත්කම් යොදා පොලිස් අත්අඩංගුවෙන් එම නියාමකවරයා මුදවා ගැනීමට දුෂිත නිලදාරියා කටයුතු කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒවා සෙවීම බන්ධනගාර බුද්ධි අංශයේ වගකීමකි. අප ලියන්නේ තොරතුරුය. ඒවා සෙවීම සහ ඔවුන් නීතියානුකූලව සේවයෙන් ඉවත් කිරීම බලධාරීන්ගේ රාජකාරිය වේ. මෙම සිදුවීම කළුතර බන්ධනාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසක් වී හමාරය. මෙම නිලධාරියා කෙතරම් දූෂිත කටයුතු සිදු කළ ද ඔහු බේරා ගැනීමට මූලස්ථානයේ දුෂිත දෙවියා සැදී පැහැදී සිටින බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසති .
මෙම නිලධාරියා මොනරාගල බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි කාලය තුල ගොඩනැගිලි අලුත්වැඩියාවකදී ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ගැනීමක් ද වාර්තා වී තිබේ. “නෙළුව ප්‍රියන්තගේ” සහෝදරයා වන “හීන් මල්ලිගෙන්” ලබාගත් මුදල් ගැන “හීන් මල්ලි” විස්තර කියන්නේ රස කරමිනි.
එසේම ඔහුගේ නිවාස ඉදි කිරීමට අවශ්‍ය සියලුම දැව සහ සිය විවාහයයේ සියලුම කටයුතු සදහා මුදල් ලබාගෙන ඇත්තේ පාතාලයෙන් බව පැවසේ. එසේම “කුඩු ලාලිත” ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධව ද චෝදනා එල්ලවී වැඩ තහනම් වීමට ගියද මූලස්ථානය දූෂිත දෙවියා විසින් මොහුව රැකගෙන තිබේ. කුඩු තිලාන්ගෙන්ද අල්ලස් මුදල් ඉල්ලා ඇති අතර එයට කුඩු තිලාන් එකඟ නොවූ හෙයින් තිලාන්ට මෙම නිලදාරියා බැන වැදී තිබේ. පසුව තිලාන් විසින් දෙවරක් මෙම නිලධාරියා ඝාතනය කිරීමට පාතාල කණ්ඩායම් යොදවා තිබුණේය. කොටා පාර දුම්රිය ස්ථානය අසල දී ඝාතනයට සූදානම් වන අවස්ථාවේදී මෙම නිලදරියගේ ජීවිතය බේරා ගැනෙන්නේ ද බන්දනාගාර උසස් නිලධාරියෙක් නිසාය.
කළුතර බන්ධනාගාරයේ අවංකව රාජකාරී කරන නිලධාරීන් බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කළද ඔහු නිළධාරීන්ට පවසන්නේ ” අපි කොච්චර අවංකව වැඩ කරත් වැඩක් නෑ බං. හොරු සේරම ලොකු එවුන්ගේ යාළුවා මට එපාවෙලා තියෙන්නේ” යනුවෙන් බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ දූෂිතම ආයතනය ලෙසට නම් දරා තිබුනේ මීගමුව බන්ධනාගාරයයි. එහෙත් එම බන්ධනාගාරය මේ වනවිට බුස්ස බන්ධනාගාරයට වඩා අධි ආරක්ෂිත වී ඇත. එම දූෂිත කිරුළ මේ වන විට කළුතර බන්ධනාගාරය විසින් දිනා ගෙන තිබීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සතුටු විය යුතුය. මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයේද අවධානය කළුතරට එල්ලවී තිබේ. එහෙත් ප්‍රධාන ප්රශ්නය වී ඇත්තේ මූලස්ථානයේ හෙන්චයියන්ගේ දූෂිත ගෝලබාලයන් රටේ සෑම තැනම බන්ධනාගාරවල රාජකාරියට යොදවා තිබීමයි. රටේ අනෙකුත් ආයතනවල සේම සුදුසුකම් සහිත බන්ධනාගර නිලධාරීන් කුණුබක්කියට වැටී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි, “අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත”. ප්‍රථමව කල යුත්තේ දූෂිත බන්ධනගාර නිලධාරීන් බන්ධනගාර ගත කිරීමයි. එසේ නොමැති වුවහොත් “අපරාධ කරුවන් බිහිකරන ලොව එකම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ” බවට ජාත්‍යන්තර වාර්තා පවා නිකුත් වනු ඇත.