ලපටි අමු මිරිසුත් වෙළදපලට. ගොවියා විසින්ම මිල පහලට දා ගනී

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශයන් තුල මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 1900ත් දක්වා ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.


මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට අමු මිරිස් මිල නොසිතු ලෙස ඉහල ගොස් ඇති බවත් අමු මිරිස් මෙන්ම එළවළු මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.


මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ සමහර එළවළු වෙලදුන් පවසනුයේ අමු මිරිස් මිල මෙසේ ඉහල යාමත් සමග ලපටි අමු මිරිස්ද වෙලද පලට පැමිනිමත් සමග අමු මිරිස් අලෙවිය දැඩි ලෙස පහල බැස ඇති බවත්ය.

Exit mobile version