ලබන වසරේ සිට ශිෂ්‍යත්වය සරලව

05 වසර ශිෂ්‍යත්ව කඩයිම් විභාගය ලබන වසරේ සිට පවතින තත්ත්වයට වඩා සරල කරන බවත් විභාග වලින් ගන්නා ලකුණු අනුව සිසුන් ඇගයීම සිදු නොකරන බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර ඇත.

මෙම වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ සහ 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ලකුණු ලබා ගත් සිසු සිසුවියන් ඇගයීමේ උළෙලට සහභාගී වෙමින් අද(13) අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙසේ පවසා ඇති බව වාර්තා වේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම පන්ති කාමරයේදී සිදු කරනු ලබන ඇගයීම් වලින් සියයට 30ක් ලකුණු ලබා ගැනිම ලකුණු ලබා දීමේදී අවධානය යොමු වන බව සහ ඒ සඳහා සිසුන්ගේ පාසල් පැමිණීමේ ක්‍රමවත්භාවය තිබිය යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

Exit mobile version