ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10ක් දක්වා?.

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා.

විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට දිවයිනේ සියලුම ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

අද දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්න ට සිදු ව අති අතර එයට හේතුව වන්නේ  එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙන් බවද සදහන් වේ..

Exit mobile version