ලයිට් බිල අඩු වෙයිද ?

අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නව විදුලි ජනනය වැඩසටහනට විපක්ෂය සහය දක්වන්නේ නම් ලබන ජුලි මාසය වන විට විදුලි බිල අඩු කිරීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරන ලදී.

” විපක්ෂ නායකවරයා වැරදි ප්‍රශ්නයක් මතු කළේ.මහජන උපයෝගීතා කොමිසමේ දැඩි විරෝධය මත ආණ්ඩුව තීරණයක් ගත්තා කිව්වා. බහුතර සාමාජිකයින්ගේ කැමැත්තෙන් තමයි අනුමැතිය ලැබුණේ. එක සාමාජිකයෙකුගේ විරෝධය මුළු කොමිසමේම විරෝධය ලෙස හුවා දැක්වීම වැරදී. කොමිසමේ සාමාජිකයින් පස් දෙනෙක් ඉන්නවා. “

” එක පුද්ගලයෙකු මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙ නෙමෙයි. ජනන සැලැස්ම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීමටයි. මණ්ඩලයේ දූෂණ වංචා අවම කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒවට විරුද්ධව සමහරු වැඩ කරනවා. සමහර වෘත්තීය සමිති පාලනාධිකාරිය ආණ්ඩුව බිත්තියට හේත්තු කරලා වැඩ කරනවා. අපි අද අඛණ්ඩව විදුලිය සපයනවා. විදුලිය කප්පාදුව නැවැත්තුවා . අපේ ජනන සැලසුම වෙනස් වෙන්න ඕනි. මේ ගාස්තු අය කිරීම නිසා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන් වුණා. මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී දෙසැම්බර් වෙද්දි විදුලි බිල අඩු කරන්න පුළුවන් වේවි. ජුලි මාසයේදී අඩු කරන්න පුළුවන් නම් කරනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහය කරන සැලසුම මාසයක් ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ සැලසුමට ඔබතුමාලගෙ සහාය දෙන්න. එවිට විදුලි බිල ජුලි මාසය වන විට අඩු කරන්න පුළුවන් වෙනවා. “

Exit mobile version