අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලසන්ත වික්‍රමසේකර දින 06ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කර ඇත්තේ ,චින්තක නඳුන් හෙවත් හරක් කටා නැමැත්තාගේ සමීපතමයෙකු වන අදාළ සැකකරුට ද එරෙහිව අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ලසන්ත වික්‍රමසේකර නමැති මෙම සැකකරු දේපල හා වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව 2010 සහ 2018 වර්ෂවල දී නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීමේ වරදට ද නඩු පැවරී ඇති බවයි.ඊට අමතරව පසුගිය දිනෙක මාතර තොටුවිල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් “සන්ෂයින් සුද්දා” නමැත්තාගේ ඝාතනයට පැමිණි සැකකරුවන්ට වාහනයක් සපයාදී ඇති බවට ද පොලිසිය සැකකරන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.