ලාෆ් ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අවසර ලබා දී ඇත.ඒ අනුව රුපියල් 363 කින් ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත.
කිලෝග්‍රෑම් 12.5 ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක නව මිල රු.1856ක් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු.743 ක් ලෙස ඉහළ දමා ඇත.වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කර සිටියේ ය.