ලිංගික සංක්‍රාන්තියකට ලක් විය යුතු STF නිලධාරිනියකගෙන් අනෙක් නිලධාරින්ට කරදරයි.

ජීව විද්‍යාවෙන් මෙන්ම මනෝ සමාජීය බලපෑම්වලින් මතුවන වැදගත් ලිංගික වෙනස්කම් මොලයේ සටහන්ව තිබේ .මිනිස් හැසිරීම් සහ සංජානනයේ පැති කිහිපයක ලිංගික වෙනස්කම් ලෝකය පුරාම වාර්තා වී තිබේ.  ලිංගික වර්ණදේහවල ඇති “ගෝනඩල් ලිංගික ස්ටෙරොයිඩ් “ හෝ ජාන ස්නායු ව්‍යුහ විද්‍යාව, ස්නායු රසායන විද්‍යාව සහ ස්නායුක ව්‍යුහය තුලින් ලිංගික වෙනස්කම්වලට තිබෙන සම්බන්ධතාවයන් වල වෙනස්කම්වලට තිබෙන හේතුන් උගත හැකිය.මිනිස් මොළයේ ලිංගික වෙනස්කම් පවතින බවත් ජීව විද්‍යාත්මක ඒවාට ජීව විද්‍යාත්මක අදාලත්වයක් ඇති බවත් පිළිගැනීමට අකමැති ලෙස යම් යම් ප්‍රතිරෝදයන් ඇතිව තිබේ. කෙසේ වෙතත්, මීට වසර කිහිපයකට පෙර, පර්යේෂණාත්මක සහ සායනික ස්නායු හා මනෝචිකිත්සක අධ්‍යයනයන්හි ලිංගිකත්වය විචල්‍යයක් ලෙස ඇතුළත් කිරීමට USA ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විසින් නිර්දේශ කර ඇත. වේදනාව සහ ස්නායු හා මානසික රෝග වල ලිංගික වෙනස්කම් ඇති ශ්‍රී ලාංකික වැසියන්ද ඕනා තරම් සිටී. එවැනි පුද්ගලයන් රාජ්‍ය සේවයේ මෙන්ම  ආරක්ෂක අංශවලද සේවයේ යෙදී සිටි.

එවැනි වෙනස්කමකට ලක්ව සිටින එස්ටීඑෆ් නිලධාරිණියක් නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිනියන්ට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව වාර්තා වේ. ඇයගේ ජයාරූප මෙන්ම අනෙකුත් පෞද්ගලික විස්තරද  අප වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේ දී කාන්තා නේවාසිකාගාරයේ සිටින  නිලධාරිනියන්ට ඇයගෙන් විවිධ කරදර සිදුවන බවද වාර්තා වේ. එහි නිලධාරිනියන්ට තමන්ගේ ආරක්ෂාව උදෙසා නිදි වර්ජිතව කාලය ගත කිරීමට සිදුව තිබෙන බවද වාර්තා වේ. කෙසේ නමුත් මෙම නිලධාරිනියට විශේෂ කාර්‍ය  බලකායේ උසස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක් වී ඇති බවද ආරංචි මාර්ග පවසයි. බොහෝ පිරිස් මෙම සම්බන්ධව උසස් නිලධාරීන් දැනුවත් කළ ද චෝදනාවට ලක්වන මෙම කාන්තාවගේ හිතවතියක් වන ප්‍රබල යයි සිතා සිටින කාන්තාවකගේ සහායෙන් එම ක්‍රියාවල නිරතව සිටින බවද කිය වේ.  දූෂිත ක්‍රියා සම්බන්ධව පැමිණිලි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා ස්ථාන මාරු ලබා දීමටද මූලස්ථානය සිවිල් නිලධාරීනිය ඇතුළු පිරිසක් කටයුතු කරන නිසා විශේෂ කාර්ය බළකා නිලධාරීන් බොහෝ අපහසුතාවන්ට මුහුණ පා තිබෙන බවද කිය වේ.

කෙසේ නමුත් මෙවැනි පුද්ගලයන්ට කල යුත්තේ යම් මානසික වෛද්‍යවරුන්ට යොමුකරමින් ඔවුන් ලක්ව සිටින මානසික ක්‍රියාවලියෙන් මුදවා ගැනීමයි. එසේ නොකිරීමෙන් ඔවුන් හරහා තව තවත් එවැනි මානසික විකෘතිතා වලින් ගහන සමාජයක් බිහි වේ. මෙවැනි සැගවී ගිය පිරිමින් සහ කාන්තාවන් දහස් ගනනක් සමාජය තුල බිහිව තිබේ. නමුත් මෙවැනි කථා සමාජගතවන්නේ ඉතාම අඩුවෙනි. මෙවැනි පුද්ගලයන්ට අවමන් කිරීම හෝ බැන වැදීම නොකළ යුතු අතර කල යුත්තේ වැඩකරන සමාජයට ගැලපෙන ලෙස ඔවුන්ගේ කටයුතු වෙනස් කිරීමයි. ඒවා නීතියෙන් කල නොහැකි අතර ඔවුන්ටද සියලුම අයිතිවාසිකම් හිමිය. ඔවුන්ට වඩා හානිදායක දේ කරන කාන්තාවන් සහ පිරිමින් ඕනා තරම් සමාජය තුල සිටිති. මෙවැනි අයට වඩා පිරිමින්ගෙන් කාන්තාවන්ට සිදුවන හානිය ඒ සියල්ලටම වඩා ඉහලින් තිබේ. එබැවින් කාන්තා සමාජය ආරක්ෂා කරගැනීම සදහා කල යුත්තේ මෙවැනි අය වෙනස් කිරීම පමණි. මෙම ලිපියේ අරුත වුයේද අපට වාර්තාවන නිලධාරිනිය මෙන්ම අනෙකුත් සැබෑ තත්වයෙන් සිටින නිලධාරිනියන්ද ආරක්ෂා කිරීම පමණි. මේ සියල්ලම සමාජය තුල තිබෙන අසාමන්‍ය මානසික ලක්ෂණ පමණි. ඒවා සියල්ලටම නීතිය පිළිගත් විද්‍යානුකූල තර්ක කිරීම් තිබේ. නමුත් රාජ්‍ය ආයතන සුරක්ෂා කිරීම සදහා මෙන්ම සේවකයන්ගේ සේවය හොදින් ලබා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග නිසිලෙස වඩාත් පරිස්සමින් කිරීමට පාලනාධිකාරය දැනගත යුතුය.

Exit mobile version