පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ICC විසින් තහනම් කර තිබෙන අතර ICC විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.
වාර්තා වන ආකාරයට කැනඩාවේ Danielle McGahey මෙම වසර මුලදී ජාත්‍යන්තර කාන්තා සංචිතයකට නම් කළ පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වුණි.
29 හැවිරිදි ඇය සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකට පිවිස තිබේ.
කෙසේ වෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වන බව තවදුරටත් වාර්තා වේ.