ලිට්රෝ සුරැකුම් ජාතික එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය මාස 09ක කාලය තුළ ලිට්රෝ ආයතනය විසින් මිල වැඩි කිරීමක් සිදු නොකිරීම නිසා මේ වන විට රුපියල් කෝටි 10,500ක අලාභයක් ඔවුන්ට සිදුව ඇති බවයි.
එමෙන් ම නොවැම්බර් මස වන විට භාන්ඩාගාරයෙන් මුදල් ලබා නොදුනහොත් ගෑස් ගෙන ඒමට ද නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔවුන් සඳහන් කර ඇත.
අද (01) සිට ලෝක වෙළඳපොළේ ගෑස් මෙ.ටො.01 මිල ඇමෙරිකානු ඩොලර් 800ක් වන අතර එය 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට මිල රු.2,021ක් වුවත් අද මේ වන විටත් ශ්රී ලංකාවේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු.1,493කට වන අතර එහිදී 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් හෝ ලබා ගැනීමට නම් එය අලෙවි කළ යුත්තේ රු.2,800කට බවයි එම එකමුතුව විසින් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව ලිට්රෝ සුරැකුම් ජාතික එකමුතුව සඳහන් කරන්නේ අකමැත්තෙන් උවත් 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු.1,200කින් ඉහළ නැංවිය යුතු බවයි.