මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පැරණි වෙහෙර විහාරස්ථාන විනාශ වෙමින් පවතී. ඒවා ආරක්ෂා කරගත යුත්තේ සංඝ සමාජය නොව ගිහි සමාජය විසින් වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂූන්, භික්ෂු වේශය අත් හැර ගිහි වේශයෙන් පෙනී සිටි. නමුත් බුදුන් දෙසු මග යන මහා සංඝ රත්නය 70% කටත් වඩා ශ්‍රී ලංකාව තුල වැඩ වාසය කරති. මහා සංඝ රත්නය ලෙස පැරණි නිඝන්ඨ නාථ පුත්‍රගේ ගොලයෝද ශ්‍රී ලංකාවේ ජාති, ආගම් මෙන්ම දේශපාලන බේද ඇතිකරමින් ඇතිකරමින් රටත්, ජාතියටත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් විනාශ කරමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් එසේ නොවන ගිහි වේශයෙන් සිටින සමහර භික්ෂූන් වහන්සේලා රටත් ජාතියත් ශ්‍රී සම්බුද්ධ සාසනයත් බේරාගැනීම වෙනුවෙන් සත්‍ය ලෙසම රටේ ඒකීය භාවය, ජාතික එකාබද්ධතාවය සහ ජාතික අනන්‍යතාවය වෙනුවෙන් සිළුම ජාතීන් වෙනුවෙන් කටයුතු කරමින් සිටි. දස සිල් ආරක්ෂා නොකලද උන් වහන්සේලා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, තොටගමුවේ ශ්‍රී රාහුල, වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි පරපුරවල් වලට අයත් මහා සංඝ පරපුරවල් නියෝජනය කරන ජාතික වීරවරුන්ය.
එවැනි ලෙස කටයුතු සිදුවෙමින් තිබියදී නිදහසින් පසු ප්‍රකාශිත අසාර්ථක ම අය – වැය ප්රකාශනය මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ ඊයේ (15) මහනුවරදී පවසන ලද බව මාධ්‍ය අනාවරණය කර තිබේ.
දළදා වහන්සේ ඇතුළු සමස්ත ශ්‍රී දළදා මාලිගයම විනාශ කරමින් සිටින්නේ එහි සේවකයන් කිහිපදෙනෙකු බවත්, එහි සමහර සේවකයන් මේ වන විටත් බේබද්දන්ව සිටින බවත් අප වාර්තා කර තිබේ. එසේම හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, වර්තමාන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් මෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ද මෙරට අතීත උරුමයන් මෙන්ම ආගමික සංස්කෘතීන් ආරක්ෂා කල යුතු පුද්ගලයන්ය. නමුත් ඔවුන් සිදුකරනු ලබන විනාශයන් නොපෙනුණු ලියන්වල ශාසනරතන හිමියෝ මහනුවරදී මාධ්‍ය හමුවේ උන්වහන්සේ කියා සිටියේ, මෙය අය-වැය ප්‍රකාශයක් නොව රට, ජාතිය බහුජාතික සමාගම්වලට පාවා දෙන වචන හරඹයක් පමණක් බව ය.
අය-වැයද සියයට සියයක් හොදබව අපද කියන්නේ නැත. නමුත් උන් වහන්සේ මහනුවර සිට රට වෙනුවෙන් කතා කිරීමද හොදවැඩකි. නමුත් උන් වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුලද සිදුවන්නේ වංචනික ව්‍යාපාරයකි. එහි එක් කොටසක් කොම්පැනියක් බවට පත් කර තිබෙන බවද අප සාක්ෂි නොහොත් ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ සහතිකයද සහිතවම හෙළිදරව් කර තිබේ. නමුත් මෙවන් හිමිවරුද නිහඩය. උන් වහන්සේලාගෙන් මිහින්තලාවේ හිමිට පමණක් එය මනාව වැටහීමද රටක් ලෙස සතුටු විය යුතුය.
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ ලියන්වල ශාසනරතන හිමි මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“වෙනත් රටක අය – වැය ප්රකාශනයක් ඉදිරිපත් කරන්නේ ඒ රටේ ආර්ථිකය, ජනතාවගේ ආර්ථිකය යම් තරමකින් හෝ නංවන්නයි. රටේ සම්පත් ආරක්ෂා කරන්නයි. මේ ප්‍රකාශිත අය-වැය තනිකර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත සකස් කළ ලියවිල්ලක් පමණයි. මෙමගින් අධිරාජ්‍යවාදී විදේශිකයන් හට, විජාතික සමාගම්වලට අපේ රටේ භෞතික සම්පත් විකුණා දැමීම සඳහා පිඹුරුපත් සැකසීම පමණයි සිදු කෙරෙන්නේ. මේ රටේ ආර්ථිකය විනාශ කොට, ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින්, ජාත්‍යන්තරයේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට මේ රට පත්කරපු දේශද්‍රෝහී දේශපාලනඥයෝ තවමත් යහතින් උසස් තනතුරු හොබවමින් ඉන්නවා. වෙනසක් ඉල්ලා අරගල කරපු කණ්ඩායමේ පවා බහුතරයක් හිටියේ දේශපාලන අතකොළු බව දැන් හෙළි වුණා. ඒ අයත් මේවට වගකිව යුතුයි.
මේ ඉදිරිපත් කළ අය-වැයෙන් අපේ රටට, ජනතාවට, සමාජයට, සංස්කෘතියට හෝ ආගමට, ආර්ථිකයට කිසිදු හෝ සේවාවක් ලැබිලා නෑ. නිකම්ම නිකම් වචන ගොඩක් කිව්වා විතරයි. මේ පුස් ලියවිල්ලට හුරේ දාන දේශපාලනඥයෝත් තවමත් රටේ ඉන්න එක ගැන අපිට පුදුමයි. ජනතාවට අවස්ථාවක් ලද විට මේ අයට වෙන දේ බලාගන්න පුළුවන්.” යනුවෙන්ද සදහන් කරන ලදී.
නමුත් උන් වහන්සේ ප්‍රකාශ කරන අකාරයේ දැවැන්තම විනාශය සිදුකරනේ මෙවර නාමික භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ දියවඩන නිලමේ ඇතුළු නිලමේවරුන් කිහිපදෙනෙක් සමග රාජ්‍ය සේවයේ ඉහල පැලැන්තිය වේ. විදේශ බලවේග මෙරටට රැගෙන එන්නේ ඔවුන්ගේ හිටැහැ මිතුරුකම් ඔස්සේය. අවුරුදු ගනනාවක් තිස්සේ මෙරටට ණය රැගෙන ඇත්තේ රට උගස්කර නම් නය නොගෙවන විට එම නය දුන් විදේශ රටවල් ශ්‍රී ලංකාවේ සම්පත් ආක්‍රමණය කරති. අය – වැයට දොස් තැබීමට පෙර මෙරට සම්පත් උගස්කර ණය ගෙන ඒවා විනාශ කරනවිට ලියන්වල ශාසනරතන හිමි – සඳ වැඩ සිටියේ ශ්‍රී ලංකාවේ නොවිය හැකිය.
කෙසේ නමුත් ජනතාව මේ වන විටත් සංඝ සමාජයද පිළිකුල් කරමින් සිටි. එය රටක් ලෙස අප ලබමින් සිටින දැවැන්ත පරාජයකි. මේ දැවැන්ත විනාශයට ශ්‍රී ලංකාවේ සොයළුම මාධ්‍යද වග කිව යුතුය. සංඝ සමාජයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දුරස් වීමේ ප්‍රතිපලය අප දැනටමත් අත් විදිමින් සිටි. එබැවින් භික්ෂූන් වහන්සේලා දැන්වත් කල යුත්තේ එකට එකතුව රට තුල සිදුවන ආගමික, සහ සාසනික විනාශයට එරෙහිව කටයුතු කරමින් විනාශවෙමින් පවතින පැරණි වෙහෙර, විහාරස්ථාන සහ දේවාල ඇතුළු ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකසමින් ජනතාවගේ ආරක්ෂකයා වීමටය. පාලකයන් තමන්ගේ ක්‍රමයට වැඩ කිරීමද නවතින්නේ භික්ෂූන් වහන්සේලාද තම අනුගාමිකයන්ගේ එලොව සහ මෙලොව අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම කළහොත පමණි. ඉන් බෞද්ධ දහම් පාසලද ආරක්ෂාවන අතර ජනතාව භික්ෂූන් කෙරෙහි නැවතත් තම ගරුත්වය පිදීමට කටයුතුකරනු ඇත. මේ ලිපිය ලියන මා ද බෞද්ධයෙකි. බෞද්ධ දේශනාවට අනුව භික්ෂූන් මෙසේ විනාශ වන බවත්, නමුත් ඔවුන්ව විවේචනය කිරීමෙන් වලකින ලෙසද සදහන් කර තිබේ. නමුත් මා මෙම ලිපිය ලියා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිලිබදව නොව භික්ෂු වේසයෙන් පෙනී සිටින පුද්ගලයන්ට වන අතර ලියන්වල හිමියන් භික්ෂු වේශයෙන් පෙනී සිටින අයෙක් ලෙසද මා සදහන් කර නැත.
එබැවින්, සත් සමාජයක් ගොඩනැගීමට කටයුතු නොකර සහ රජය පිලිබදව තම අදහස් ප්‍රකාශ කිරීමද පලක් නැත. නමුත් භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසට අනුව තම අදහස් ප්‍රකාශකිරීමට අයිතියක් ඇති අතර රජයද උන් වහන්සේගේ හඩට ගරු කල යුතුය.
((චායාරූපය අන්තර්ජාලයෙනි))
(