ලුණු ලොක්කෝ බෝනස් ගිලලා. පොඩ්ඩන්ට කට්ටෙන් ගහලා.

ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු නීතියට පටහැනිව ප්‍රසාද දීමනා ලබා ගත් බව කියමින් ඊට විරෝධය දක්වමින් සහ ලුණු සමාගම් සේවකයන්ට ප්‍රසාද දීමනා ඉල්ලා ඊයේ (09) හම්බන්තොට මහලේවාය ඉදිරිපිටදී සේවක විරෝධතාවක් පැවැත්විණි.

හම්බන්තොට මහ ලේවායේ වෘත්තීය සමිති විසින් එය සංවිධානය කර තිබූ අතර ඊට ලේවායේ සේවක සේවිකාවෝ පන්සීයදෙනෙක් පමණ සහභාගී වූහ. 

වෘත්තීය සමිති පවසන්නේ බූන්දල හා පලටුපාන ලේවායන්හි සේවකයන් විරෝධතාව පැවැති කාලයේදී සේවාවලින් ඉවත් වී විරෝධතාවට සහාය දුන් බවයි.

විරෝධතාවට සහභාගී වූ සේවකයන් පවසන්නේ ලුණු සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු නීතියට පටහැනිව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ප්‍රසාද දීමනා ලබා ගෙන ඇති බවයි.

තවද සේවකයන්ට අඩු ප්‍රමාණවලින් ප්‍රසාද දීමනා ලබා දී ඇති බැවින් ප්‍රමාණවත් පරිදි ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ. 

මෙම විරෝධතාවට සමගාමීව සේවකයෝ ඊයේ (09) සිට අමතර සේවාවලින් ඉවත් වූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ. (Sri Lanka Mirror)

Exit mobile version