ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ (20) පැවති ප්රථම තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි විය.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ආසියානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස්කරගැනීමට සමත් විය.
මෛ තරඟාවලියේ තීරකවරිය ලෙස Shandre Fritz කටයුතු කළ අතර විනිසුරුවරියන් වශයෙන් Shubhda Bhosle සහ Humaira Farah කටයුතු කරන ලදී.
විශිෂ්ඨ ඉනිමක නිරත වූ උපුල් තරංග 06 පහර දෙකක් සහ 04 පහර 07ක් සමඟ ලකුණු 66 රැස්කළේ පනුදු 45කදීය.
පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මන්ප්රිට් ගෝනි කඩුලු 03ක් ද, ඉර්ෆාන් පතාන් කඩුලු 02ක් ද ස්ටුවර්ට් බිනී සහ මුනාෆ් පටෙල් කඩුලු 01 බැගින් දවා ගන්නා ලදී.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම සුපිරි පිති හරඹයක නියැළෙමින් යුසුෆ් පතාන් පන්දු 40 කදී ලකුණු 80ක් රැස්කරන ලද්දේ හයේ පඑහර 05ක් සහ හතරේ පහර 09ක් ද සමගිනි.
එමෙන්ම තරඟාවලියේ විශේෂ අවධානයක් යොමුවූයේ ශ්රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ඩීප් මිඩෝෆ් කළාපයේ සිට යොමුකළ පන්දුවක් කෙළින්ම පිතිකරණ අන්තයේ කඩුල්ලේ වැදීමෙන් බද්රිනාත් දැවීයාමේ අවස්ථාවයි.
කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් තරඟයේ ජය ලබා ගැනීමට සමත් විය.