මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් බවට රජය පවසයි.
පසුගිය කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබේ.
ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ආනයනය කිරීමටත් මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීමටත් තීරණය කර තිබේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.