ලේඛකාධිකාරී හිමිනමගෙන් වෛරී ප්‍රකාශයක්. ආගම් අතර ගැටුමකට බෞද්ධයන් උසි ගන්වයි.

බෞද්ධාගමටත් ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේලාටත් දියවඩන නිලමේ ඇතුළු බෞද්ධ ප්‍රභූන්ටත් අපහාස කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්, බෞද්ධයන් ම යොදා ගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ ඊයේ (15) පවසා තිබේ.

පිළිමතලාව රණවන පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබෙන ලොව උස ම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ 9 වන වර්ෂ පූර්ණය නිමිතෙන් එම විහාරස්ථානයේදී පැවති උත්සවයකට සහභාගි වෙමින් මෙය ප්‍රකාශ කර තිබේ.

එසේම වැඩිදුරටත් ප්‍රකාශ මක්කම, වතිකානුව වැනි පූජනීය ස්ථානවලට කිසිදු ආකාරයෙන් අපහාස උපහාස නොකරන පසුබිමක් තුළ දළදා වහන්සේත් දළදා මාලිගාවත් ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවලට පමණක් අපහාස කරන්නේ ඇයි ද? යන්න සම්බන්ධව බෞද්ධ සමාජය අවදියෙන් සිටිය යුතු යැයි ද පවසා තිබේ.

කෙසේ නමුත් මෙම තත්වයට වගකිව යුත්තේ උන් වහන්සේලාම බව උන්වහන්සේලා අමතක කර තිබේ. දියවඩන නිළමේවරයාට එල්ලව තිබෙන වංචනික චෝදනා පිලිබද නඩුවකින් ඔහුව බේරාගැනීම සදහා මහනායක හිමිවරුන්ගේ අත්සන් සහිත ලිපි අධිකරණය වෙත ඉදිරිපත් කරතිබේ. එසේම දියවඩන නිළමේවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවු අවස්ථාවේ ඔහු කැදවීමට එරෙහිව මාධ්‍යට පවා බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ සහ නිවේදන නිකුත් කලේද උන් වහන්සේලාමය. එසේම කුරුණෑගල ප්‍රදේශයේ පත්තිරිප්පුව පිලිබදව ප්‍රශ්නයේදී පවා ලිපි ලීවේද උන් වහන්සේලාමය. එසේම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ සහ අනෙකුත් දුෂිතයන්ගේ වංචා, දුෂණ, අක්‍රමිකතා පැහැදිලිවම තිබියදී මෙසේ බෞද්ධ ජනතාව වෛරී මගකට යොමුකර අනෙකුත් ආගමිකයන් සමග ගැටුම් ඇතිවන ආකාරයෙන් උපදෙස් දීම බෞද්ධ දර්ශනයට අනුවත්, සමාජ විද්‍යාවට අනුවත් නීති විද්‍යාවට අනුවත් වරදකි.

එසේම දියවඩන නිළමේවරයාගේ වංචා දුෂණ අක්‍රමිකතා නිසාම සහ සමහර නාමික භික්ෂුන්ගේ වැරදි නිසාම බෞද්ධාගම විනාශ වෙමින් පවතින බවවත් මෙම ආනන්ද හිමි වටහාගෙන නැත. එවැනි පසුබිමක් තුල මෙම හිමි බෞද්ධ ජනතාව කුපිත කරවන සහ බෞද්ධ දර්ශනයට පටහැනි ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුදායක වන්නේ උන් වහන්සේ බෞද්ධයින්ගේ ප්‍රධාන ආගමික ස්ථානය නොහොත් ප්‍රධානතම පංසල වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සම්බන්ධ ප්‍රධාන ලේඛකාධිකාරී වන නිසාය. බෞද්ධ දර්ශනය තුල මෙවැනි ප්‍රකාශ කිරීම විනය විරෝදීය. එය ගිහියන්ටද පොදුය. ගිහියා යහමග ගැනීමට භික්ෂුන්ගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න බෞද්ධ දර්ශනයේ උගන්වයි. බෞද්ධ දර්ශනයට අනුව සැබෑ භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීම මේ ලිපිය ලියන මටද පාපයකි.

බෞද්ධ දර්ශනයට අදාල විවිද ඉගැන්වීම් අතර “දඹදෙනි යුගය” නමැති පොතෙහි භික්ෂුන් නොකල යුතු දෑ පෙන්වා දී තිබේ. ඒවා අතර කිපි සිතින් හෝ කෙළිනා සිතින් කථා නොකිරීම , විසභාගයන් ( මවු වුවත් ) හා තනිව කථා නොකිරීම , මවගේ වුවද කන් පතක් ( කර්ණාභරණ ) පරෙස්සම් නොකිරීම, විශේෂයක් නොමැතිව දෙමසකට වඩා අචාර්‍ය උපාධ්‍යායන් හැර නොවිසීම , සම්මතයක් නොමැතිව අදක්ෂව බණ නොකීම , ගිහියන්ට සොලෝ නොබැදීම , කාව්‍ය නාටකාදිය නො ඉගෙනීම හා නො ඉගැන්වීම , මෙහෙකරුවන්ට නො බැණීම , තමන්ගේ දෙයක් වුවද ගුරුවරාදීන්ට නො කියා නො දීම , වසිද්දී පවා ගමන් ඉක්මන් නො කිරීම , කටායා දත් පෙන්වා සිනා නො සී සතුට පමණක් දැක්වීම , වෙනින් පන්සල් වල නඩුහබ තම පන්සලටත් , තම පන්සලේ නඩුහබ ඒ පන්සල්වලටත් , වැද්ද නො දීම , ප්‍රත්‍යයෙහි ලොල් නො වීම , අතුගාමින් , තුනුරුවන් පුදමින් , දැහැටි කමින් කථා නො කිරීම , ගිහියන් හා පස පිළිබදව වූත් අනවශ්‍ය වූත් කථා නො කිරීම , සබ්‍රම්සරුන් වෙරින් සිවුරෙන් නො ගැටීම , මහලු සගුන් හා කථා කරන විට නො ළංව නැමී සිට කථා කිරීම , කුමරුන් වෙර අත් ලා නො සැනසීම , අනුන් කියන දේ නො විමසා භාර නො ගැනීම , පෝය කිරීම හැර චාතුවර්ගික කර්මයක් යටතේ පිරිසෙයින් අට නමක් ඇතිව කිරීම , පවාරණය හැර පඤ්ච වර්ගික කර්මය දස නමක් ඇතුව කිරීම , විංශත් වර්ග කර්මයක් නිසක් හෝ ප්න්තිසක් ඇතුව කිරීම , දාගැබ් , මහබෝ , ආචාර්‍ය , උපාධ්‍යාය , මහලු සබ්‍රම්සරුන් තුන් වේලේ වැදීම , පොහෝ කරන දවස් ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව දක්වා පාමොක් ඇසීම , යනාදිය කිහිපයකි. සැබෑ භික්ෂුන් වහන්සේලාගේ හැසිර කෙසේ විය යුතුද යන්න එම පොත තුල වැඩි දුරටත් විස්තර කර තිබේ.

ඒ අනුව සහ අනෙකුත් බෞද්ධ ඉගැන්විම්වලට අනුව මෙම ලේඛකාධිකාරී හිමිගේ මෙම ප්‍රකාශය බෞද්ධ දර්ශනයට පටහැනිය. එසේම සමාජ විද්‍යාවට අනුව මෙම ප්‍රකාශය ආගමික සහ ජාතික සහජීවනයට මරු පහරකි. ගෞතම බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විනාශ කරන්නේ අන්‍යාගමිකයන් හෝ සංවිධානාත්මක කණ්ඩායම් නොව, බෞද්ධ දර්ශනයට පයින් ගසන භික්ෂු වේශයෙන් සිටින සමහරුන්ගේ වැරදි හැසිරීම් සහ ක්‍රියාවලීන් බව බුද්ධිමත් බෞද්ධ ජනතාව වටහාගෙන තිබේ. මෙම හිමිනමගේ ප්‍රකාශයට නීතිවේදයට අනුව දඩුවම් ලබාදිය යුත්තේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම සදහන් වේ. එහි අදාල චෝදනා පැහැදිලිවම සදහන් වේ.

එබැවින් ප්‍රථමව කල යුතු දේවල් සහ නොකල යුතු දේවල් තෝරාගෙන බුදු දහම සුරක්ෂා කල යුත්තේ කෙසේද යන්න නාමික භික්ෂු පරපුර ඉගෙන ගත යුතුව තිබේ. එසේ නොමැතිව පංසල වෛරයෙන් පිරුණු ස්ථානයක් බවට පත් නොකල යුතුය. (බෞද්ධ දර්ශනය සුරකින, බෞද්ධ දර්ශනයට අනුව යහපත් සමාජයක් නිර්මාණය කරමින් බුදු සසුන සුරකින විශිෂ්ඨ සඝ පරපුරට මෙම ලිපිය අදාල නැත. එවැනි සැබෑ භික්ෂුන් වහන්සේලා 50% කටත් වඩා ශ්‍රී ලංකාව තුල වැඩ වාසය කරති)

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

0710866060

Exit mobile version