ලොක්කන් ආරක්ෂා කිරීම ප්‍රථම රාජකාරිය කරගත් පොලීසියේ රාජකාරි වලට බාධා කළා යැයි අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුලු පිරිස අද අධිකරණයට

ඊයේ (14) දින ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අද (15) දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එසේම කුරුඳුවත්ත පොලීසිය විසින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ තත්වය සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.

එහිදී අප ජීවත් වන්නේ අවනීතිය රජ කරවන සමාජයක බවත්, ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කිරීමේදී ඇතැම් පාර්ශව සිනාසෙන බවත්, කාන්තා අයිතීන් වෙනුවෙන් තම සන්ධානය පෙනී සිටින බවත්, අදහස් දක්වමින් විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව ලබන වර ඔවුන් පැමිණෙන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමඟ බවත්, එම නිසා මෙය සුළුපටු ලෙස නොසළකන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජනාදිපති ප්‍රමුඛ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.

Exit mobile version