ශ්‍රී ලංකාවේ වර්තමානය තුල නීතිය ක්‍රියාත්මක වන අයුරුද , පොහොර පිලිබදව තිබෙන ගැටළුද පිලිබදව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අද (29) මාවනැල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. උන් වහන්සේගේ ප්‍රකාශය පහතින් දක්වා ඇත.
“ රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත් කරලා මේක ප්රශ්නකාරී ඇස්බැන්දුමක්. එක රටක් කියන්නේ ශ්‍රී ලංකාවේ ජනරජ නීතියයි. මෙම නීතිය ක්‍රියා කිරීම පමණක් තමයි අවශ්‍ය වෙන්නේ දැනට රජය ජනරජ ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන්නේ නෑ කියන එක පිළිගන්න නිසා තමයි රජය අලුත් කමිටු හදන්නේ. අවශ්‍ය වන්නේ සර්ව සාධාරණ ලෙස සමාජයේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ එක එක ආකාරයට රාජ්‍ය විරෝධී වැඩ කරන පුද්ගලයන්ට එක නීතියක්. රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියක් .සාමාන්‍ය ජනතාවට අවුරුදු ගාණක් උසාවි යන්න වෙනවා. නමුත් දේශපාලන අධිකාරියේ අය සතියයි දෙකයි. බොහෝ දෙනෙක් නිදහස්. අපේ රටේ නීතිපතිවරයා පක්ෂග්රාහී වර්තමාන නීතිපතිවරයාට නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න ආත්ම ශක්තියක් වත් නැහැ. අදාල තොරතුරු යටතේ ඔහොම නඩු දාලා දිනක් යනකොට ඒක අයින් කරගන්නවා වින්දිතයන්ට සිදුවුන අපහසුතාවයට මොකක්ද වෙන්නේ. ජනාධිපතිවරයා රාජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුයි පත්කරන කමිටු වලට පහසුකම් දෙන්නම විශාල මුදලක් යනවා. ලංකාවේ මේ කාලවකවානුව තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ආර්ථිකයට ද ඒක ලොකු ගැටලුකාරී තත්ත්වයක්,” ලෙස පවතින වෙනස්කම් පිලිබදව උන් වහන්සේ අදහස් දක්වා සිටියා.
කාබනික පොහොර ගැනද උන් වහන්සේ අදහස් දැක්වුවා.
“කාබනික පොහොර භාවිතය නිසා රටපුරා ගොවීන් දැඩි අපහසුතාවයකට ලක් වෙලා ඉන්නේ. කාබනික පොහොර භාවිතයට රජය සෘජු තීන්දුවක් ගැනීම හොඳයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න තිබ්බේ සුදුසු කාලවකවානුවක් අරගෙන. කාබනික පොහොර පිටරටින් ගෙන්වීම වැරදියි. ලෝකයේ කොයි හරි රටකින් ලංකාවට කාබනික පොහොර ගේනවා නම් ඒක අපේ රටට සුදුසු දැයි පරික්ෂා කළ යුත්තේ අපේ රටේ ඉන්න විද්‍යාඥයින් සහ විශේෂඥයින්. ඒ අය තමයි ඒ සම්බන්ධයෙන් සියලු තීරණ ගත යුත්තේ. පොහොර නැව මගට ගිහින් ආපහු එනවා. නම වෙනස් කරගෙන එනවා . සමහර විට මේ නැවේ තියෙන පොහොර නිකං දෙන්නං කියන්නත් පුළුවන්. දේශපාලන පක්ෂග්රාහීව ක්‍රියාත්මක කරන පුද්ගලයන් මෙවැනි දේවල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සාධාරණ නැහැ. මේ කටයුතුවලට මැදිහත් විය යුත්තේ. පක්ෂග්රාහීව කටයුතු නොකරන ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතා දක්වන විද්වතුන් සහ වෘත්තීයවේදීන්. මේ වෙනකොට බෝධිරාජ පදනම නමින් කටයුතු කරන සංවිධානය මසකට කාබනික පොහොර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ජනාධිපතිතුමා ඇතුළු රජය අපිට අවශ්‍ය පහසුකම් සලසන වානම් මෙම ප්‍රමාණය වැඩි කොට ගොවිජනතාව සඳහා නොමිලේ වුවද පොහොර ටික ලබාදිය හැකි තත්ත්වයක් තියෙන්නේ. අපි දකිනවා විවිධ දේශපාලන පක්ෂවල පුද්ගලයින් කියනවා ගොවීන්ට සිදුවන පාඩු වලට වන්දි දෙනවා කියලා . අපිට අහන්න තියෙන්නෙ වන්දි දීම ප්‍රමාණවත් ද කියන එක. කොහොමද ඉදිරියේදී මිනිස්සු තමන්ට අවශ්‍ය ආහාර සපයා ගන්නේ. ආහාර හිගයක් ඇති වුනොත් පිටරටින් අවශ්‍ය ධාන්‍ය වර්ග ලංකාවට ගෙන්නන්න වෙනවා. ඒ කියන දේවල් වල අඩංගු වෙන්නේ රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ විෂ සහිත ආහාර ද්‍රව්‍ය ,” ලෙස උන් වහන්සේ ප්‍රකාශ කර සිටියා.
ඇති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ අපවත්වීම පිළිබදවද උන් වහන්සේ අදහස් ප්‍රකාශ කිරීමක් ද කරනු ලැබුවා.