ලොකු ලූනු ගබඩාවක් වටලයි.

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර තිබේ . එහිදී පාකිස්ථානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී රටවල් රැසකින් ගෙන්වා තිබූ ලොකු ලූනූ තොග හමුවී ඇති බව වාර්තා වේ .

එම තොග ගෙන්වන ලද සමාගම් හෝ අලෙවි ජාලය සම්බන්ධයෙන් නිසි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා එහි සේවය කරන පිරිස් සතුව නිශ්චිත ලේඛන නොතිබී ඇති අතර ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර සඳහන් කරන ලදී .

Exit mobile version