නිෂ්පාදන වියදම ඉහළ යෑම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා මෙවර දේශීය ලොකු ළූණු වගාකරුවෝ සියයට 95 කින් වගාවෙන් ඉවත් වී ඇතැයි දේශීය ලොකු ළූණු බීජ නිෂ්පාදකයන්ගේ සංගමය කියයි
දේශීය ලොකු ළූණු රටේ අවශ්‍යතාවයෙන් සියයට 90ක වඩා නිෂ්පාදනයක් කරමින් හෙක්ටයාර 3200 ක පමණ වගා කළ ද මේ වන විට දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම මේ වසරේ නැවතී තිබෙන බව ද ඊට ප්‍රධානතම හේතුව විදේශීය රටවලින් ලොකු ළූණු ගෙන්වා රුපියල් 90ක වැනි මිලකට අලෙවි කිරීම බව දේශීය ලොකු ළූණු බීජ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අයි .ජි .සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ නවීකරණ වැඩපිළිවෙළ යටතේ දේශීය ලොකු ළුණු ගොවියා ශක්තිමත් කිරීම සඳහා අති විශාල මුදලක් වියදම් කරමින් ගොවීන්ට සහන සලසා තිබුණ ද ඉන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ගැනීමට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකි වී නැති බව ගොවි සංවිධාන චෝදනා කරති.
ලංකාදීප.