අද (10) දින උදෑසන 4 ට පමණ මැලිබන් ගාමන්ට් රෙදිපිළි රැගෙන යන ලද අඩි 20 කින් යුත් ලොරි රථයක් මහනුවර බදුල්ල පාරේ කන්ද හන්දියේ සිට බදුල්ලට යන මාර්ගයේ උණුපිටිය ප්රදේශයේදි අඩි දෙසීයක් පමණ ප්රපාතයකට පෙරළී ඇත.
මෙහි ගමන් කර ඇත්තේ රියදුරා සහ සහයකයා පමණක් වන අතර, මෙයින් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත. මේ වන විට රියදුරා සහ සහායකයා වැඩිදුර ප්රතිකාර සදහා මාරස්සන රෝහලට ඇතුළත් කර තිබේ.