ඊයේ (22) දහවල් බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ උඩමල්වත්ත ප්‍රදේශයේදී ලොරි රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුහට රථය පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
ලොරි රථය කම්කරුවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ රථයේ කම්කරුවන් 22 කු ගමන්කර ඇතිබවත් ඔහුන් සියලු දෙනා තුවාල ලබා දියතලාව හා බණ්ඩාරවෙල රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.