ලොරි රථයක් ඩෙවොන් ඇලට පෙරලේ

යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් මාර්ගයේ තිබු පාලමක ආරක්‍ෂිත වැටක්ද කඩාගෙන දිඹුල පතන ඩෙවොන් ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ලොරි රථයේ රියදුරු හා එහි ගමන් ගත් තවත් අයකු තුවාල ලබා කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට ඇතලත් කල බව වාර්තා වේ.

ලොරි රථ රියදුරා විසින් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියකට ඉඩදීමට යාමේදී මෙමෙ අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තවත් දෙදෙනකු සිට ඇති අතර ඔහුනට අනතුරින් කිසිදු අනතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.

Exit mobile version