ලොවක් අවධානය දිනූ කළු දියමන්තිය

“ද එනිග්මා” ලෙස නම් කරන ලද කැරට් 555.55ක් පමණ බරකින් යුක්ත කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම වෙන්දේසිය සඳහා ලංසු තැබීම පෙබරවාරි මස 03 වනදා සිට 09 වනදින දක්වා සිදුකළ හැකි අතර ඊට ක්‍රිප්ටො මුදල් ද භාවිත කළ හැකි බව සඳහන් වේ.

වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කරන ලද විශාලම කළු දියමන්තිය මෙය බව වෙන්දේසිය සංවිධානය කරනු ලබන Sotheby’s නම් සමාගම ප්‍රකාශ කර ඇත.

එම කළු දියමන්තිය 2006 වසරේදී ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ විශාලතම ඔපදමන ලද දියමන්තිය ලෙසයි.

පසුගිය සතියේ එම දියමන්තිය ඩුබායි නගරයේදී ප්‍රදර්ශනය කළ අතර මෙම සතිය තුළ බෙවර්ලි හිල්ස් හි ප්‍රදර්ශනයට තබා ඇති අතර පසුව එය වෙන්දේසිය සඳහා ලන්ඩන් නගරයට ගෙනයෑමට ද නියමිතව ඇත.

මෙම දියමන්තිය ඩොලර් මිලියන 4-7ත් අතර මිලකට වෙන්දේසි වේ යැයි අනුමාන කරන බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කළේ.

Exit mobile version