“ලොවක් හෙල්ලූ යොහානි සහ පොඩි අප්පුහාමි” . අචාර්ය කරුණාරත්න පරණවිතාන.

රත්නපුර දිස්ත්‍රික් හිටපු රාජ්‍ය  අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන  ආචාර්‍ය කරුණාරත්න පරණවිතාන මහතා තම මුහුණු පොතේ ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගිය යොහානි ගැන විශේෂ සටහනක් යොදා තිබෙනවා.  එහි සදහන්  වන්නේ ,

“යොහානි සහ පොඩි අප්පුහාමි”

අපේ සංස්කෘතික ඥාතියා… ඉන්දියාවය…

“ලංකාවෙන් බිහිවුන පළමුවන ශාස්ත්‍රීය  සංගීත උස්තාද්වරයා පැමිණියේ කුලියාපිටියේ පිටිසර ගමකිනි. ඔහු නමින් ඩේවිඩ් පොඩි අප්පුහාමිය. රවි ශංකර්ගේද ගුරුවරයා වූ උස්තාද් අලහුදීන් ඛාන්ගෙන් සංගීතය හැදෑරූ ඩේවිඩ් පොඩි අප්පුහාමි රවි ශංකර් හා සමානම මහා සංගීතඥයකු විය. අලහුදීන් ඛාන් ඔහුගේ අනුප්‍රාප්තිකයා  ලෙස තෝරාගත්තේ රවි ශංකර් නොව උස්තාද් ඩේවිඩි අප්පුහාමිය. ඉන්දියාව පුරා ජනප්‍රිය  වූ උස්තාද් ඩේවිඩ් ගැන සමහර ඉන්දියානුවන් සඳහන් කළේ ඩේවිඩ් පොඩි අප්පුහාමි,  යනු ලොවට පහල වූ සංගීත දෙවියකුබවය. ඔහු වයෝවෘද්ධව ඉන්දියාවේදීම මියගියද අලහුදීන් ඛාන් නොවන්නට ඩේවිඩ් පොඩි අප්පුහාමි නම් සංගීතඥයා බිහි නොවන්නට ඉඩ තිබිණි. ( අදටත් අපේ රටේ බොහෝ දෙනා උස්තාද් ඩේවිඩ් අප්පුහාමි  ගැන හාංකවිසියක්වත් දන්නේ නැත. ඔහු ගැන කළ වාර්තා වැඩසටහනක් ජාතික රූපවාහිනියේ පුස්තකාලයේ ඇත.)

මැණිකේ මගේ හිතේගීය ගයන යොහානි අද මුළු ලොව පුරා ජනප්‍රිය  වී සිටින්නේද අමිතාබ් බචිචන්, ප්‍රියංකා චොප්රා ආදී කලාකරුවන් දුන් ආරම්භක තල්ලුව නිසාය. ඔවුන්ට ඒ පිළිබඳ නොමසුරු ගෞරවය දෙමින් යොහානි ඒ බව NDTV නාලිකාව සමග පවසන අයුරු දුටුවෙමි.

මේ සියල්ල සිදුවන්නේ ඉන්දියාව අපට දියුණුවෙන්න ඉඩ දෙන්නේ නැතැයි තවමත් මැසිවිලි නගනා ගල්ගැසුන දේශපාලන- සංස්කෘත මතවාදයක් අප රටේ බලවත්ව තිබියදීමය….”

ලෙස ඔහු සදහන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන බැදීම තවමත් එසේම තිබෙන බවත් සදහන් කර තිබේ.

Exit mobile version