ලොව අංක එකේ ටෙනිස් ශූරයෙක් වන නොවැක් ජොකොවිච් විසින් සිය වීසා අවලංගු කිරීමට එරෙහිව ගොනු කරන ලද අභියාචනය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
නොවැක් ජොකොවිඩ් පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මෙල්බර්න්හි පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට සහභාගී වීම සඳහාය.
නමුත් කොවිඩ් නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට ඔස්ට්රේලියයවට ඇතුළු වීම සඳහා එරට රජය අවසර ලබා දී නොමැති අතර ඊට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අභියාචණය ද එරට ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඒ අනුව ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරිමට ද නියමිතව ඇති බව වාර්තා වේ.