මේ වන විට , මෙතෙක් ලොව හමු වී ඇති බවට සැලකෙන ලොකුම මැණික් ගල් පොකුරේ වටිනාකම පිලිබදව විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතී. ඉහල පෙලේ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ මේ ගලෙහි එතරම් වටිනාකමක් නැති බවය.
මැණික් ව්‍යාපාරිකයන් බොහෝ විට සිදු කරන්නේ , කුමන ආකාරයේ මැණික් ගලක් හමු වුවද, එහි වටිනාකම අඩු කරවීම බවත්, එය අඩු කර කුණු කොල්ලෙට මිලදී ගැනීම ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රමය බවත් , මැණික් පතල් කරුවන් සහ කුඩා පරිමාණ මැණික් ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකු ප්‍රකාශ කරන ලදී. මැණික් වෙලදාමේදී “ ගල පරාද කිරීම “ යනුවෙන් අදහස් කරනුයේ මෙම ක්‍රමය බවත්, යම් මැණික් ගලක් හමු වී, එය එක් මැණික් ව්‍යාපාරිකයෙකුට පෙන්වා, එයම තවත් වෙනත් ව්‍යාපාරිකයෙකුට පෙන්වීමට යන විට මුලින් හමු වුණු ව්‍යාපාරිකයා ඒ පිලිබදව ඉහල පෙලේ සියලු ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කරන ලදී. ඒ අනුව එම ගලෙහි මිල අඩු වී නැවතත් පළමු ව්‍යාපාරිකයා ලගටම යාමට සිදු වන අවස්ථා ඕනා තරම් තිබෙන බවද ඔවුන් සදහන් කරයි.
ඉතාම දුක් මහන්සියෙන් වැඩ කර කාලයක් ගිය විට ලැබෙන මැණික් ගල සදහා ඉහල මිළක් නියම කරගැනීමට දැනුමක් පතල් කර්මාන්ත කරුවන්ගෙන් අති බහුතරයකට නොමැති බැවින්, ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බොහෝ මහා පරිමාන මැණික් ව්‍යාපාරිකයන්ගේ පුරුද්ද බව ද , ගල් පරාද කර , එම ගල් සොච්චම් මුදලකට මිල දී ගන්නා ව්‍යාපාරිකයන් එම ගලෙහි සැබෑ වටිනාකම ලබා ගන්නා බවද සදහන් කරන ලදී. බොහෝ අවස්තාවලදී ලක්ෂ 5 ක් වැනි මුදලකට මිලදී ගන්නා මැණික් ගලක් ඔවුන් විකුනන්නේ රුපියල් කෝටි ගණන් වලට බවද ප්‍රකාශ කරන ලදී.
දැනට ලංකාවෙන් හමු වී තිබෙන මෙම විශාල මැණික් ගල් පොකුර පිලිබදව විවිධ අදහස් ඉදිරිපත් කරන මෙම ව්‍යාපාරිකයන්ගේ මූලික පරමාර්ථය වී ඇත්තේද මෙම ගල පරාද කිරීම විය හැකි බවද, වෙනත් පුද්ගලයෙකුට හමු වූ මැණික් ගලක් පිලිබදව මෙන්ම රජය මැදිහත් වී සිටින මෙම කාරණාව සදහා වෙනත් ව්‍යාපාරිකයන් තම කුහක අදහස් ප්‍රකාශ නොකළ යුතු බවද රටට හිතැති බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. බොහෝ මහා පරිමාන මැණික් ව්යා පාරිකයන් සතුව මනුෂත් කම් හෝ පාරිසරික ලැදි කම්ද නොමැති බව වැඩි දුරටත් සදහන් කරන ලදී.