නිල් ආරනෝල් කොරන්ඩම් ස්ඵටික වර්ගයට අයත් මෙම මැණික සෙරන්ඩිපිටි සෆායර් ලෙස නම්කර ඇත. රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මෙය හමුව ඇත්තේ සිය නිවස පිටුපස ළිඳක් කැණීමේදී ය. මෙම ස්වභාවික මැණික් පොකුරේ බර 510kg ක් හෙවත් කැරට් මිලියන 2.5ක් බව තක්සේරු කර ඇත. මෙතෙක් ලොව හමුව ඇති විශාලතම තාරකා මැණික් පොකුර ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම මැණික් පොකුර දිගින් 100cm වන අතර පළල 72cm ක් පමණ වන අතර මැණික් වර්ග 80 ක් පමණ සලකා බලන විට මෙම මැණික් වර්ගය ඉහළ වර්ගයේ මැණිකක් ලෙස මෙම සෆායර් වර්ගයේ මැණික් හැඳින්විය හැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා විසින් පවසයි.
මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර මැණික් විශේෂඥ ගාමිණි සොයිසා මහතා ප්‍රකාශ කරන්නේ,ආසන්න වශයෙන් මෙය ඩොලර් මිලියන 100ක් පමණ වටින බවත් මෙය ලොව විශාලතම ඛනිජ සාම්පලයක් ලෙස හැඳින්විය හැකි බවත් ය.
එසේම මැණික් හා ස්වර්නාභරණ අධිකාරිය පවසන්නේ, එම වටිනා මානික්‍ය මිලදී ගැනීම සදහා ගැනුම් කරුවන් 50 කට වඩා ඉදිරිපත් වී ඇති බවත් , මෙය බොහෝ විට වටින්නේ ධන කුවේරයන්ට බවත් ,මෙය කෞතුක භාණ්ඩයක් ලෙස තබා ගැනීම සදහා ඉතාම වටිනා බවත්, මෙවැනි මැණිකක් මේ වෙලාවේ අප රටට ඉතාම වටිනා බවත්, ආර්ථික වශයෙන් අපහසුතාවයක සිටින මේ අවස්තාවේ මේ තුලින් විශාල විදේශ විනිමයක් අපට ලැබෙන බවත්ය. එසේම විවධ ගැනුම් කරුවන් ඉදිරිපත් වී සිටින බැවින් මෙහි වටිනාකම මීට වඩා විශාල විය හැකි බවත්, මෙය හදුනා ගනු ලැබුයේ මීට මාස අටකට පමණ පෙර බවද වැඩි දුරටත් සදහන් කරන ලදී.