පසුගිය දින කිහිපය තුල රට පුරා පමණක් නොව , මේ වන විට ලෝකයේම අවදානයට යොමුව තිබෙන මෙරට බන්ධනාගාර තුල සිදු වූ අනවශ්‍ය කටයතු හේතුවෙන් දැඩි අපකීර්තියක් අති ගරු ජනාධිපති ප්රමුඛ රජයට එල්ල වෙමින් තිබේ.
එයට ප්‍රධානම හේතුව වුයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සිදු කල නීතිවිරෝදී ක්‍රියාකාරකම් කිහිපයකි. කෙසේ වුවත්, සමාජ මාධ්‍ය තුල මේ පිලිබදව චෝදනා එල්ලවන බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමන් වෙත අද (15) ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්, එම ඉල්ලීම ජනාධිපතිතුමන් විසින් පිළිගත් බවත් , වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ඔහු ඉල්ලා අස් වූ බවත් සදහන් කර තිබේ.