ලෝකයට දෙන්න යන ලංකාවේ පොල්

ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති පොල් ශාක ජානමය ලක්ෂණ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදුකර ‘සිලෝන් ටී’ සේම ශ්‍රී ලංකාවේ පොල් ද ‘සිලෝන් කොකනට්’ ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාවක්  පවතින්නේද යන්න මේ වන විට සොයාබලමින් ඇති බවයි.

ලෝකයේ අනෙකුත් රටවල ඇති පොල්වල තිබෙන ගුණාත්මක බවට සාපේක්ෂව ශ්‍රිලංකාවේ පොල්වල අඩංගු ගුණාත්මක සංඝටක ඉහළ මට්ටමක පවතින බව සදහන්වේ. ඒ අනුව ඉන්දුනීසියාව වැනි රටවල පොල් ගෙඩියෙන් ලබාගත හැකි පොල් කිරි ප්‍රමාණය ශ්‍රිලංකාවේ පොල්වලින් ලබාගතහැකි පොල් කිරි ප්‍රමාණයට වඩා 30%කින් පමණ අඩු බව හා ලංකාවේ පොල් වල අඩංගු ප්‍රාථමික සහ ද්විතීක සංඝටක ප්‍රමාණයද ඉහළ බැවින් එහි ඇති ඖෂධීය බවද ඉහළ මට්ටමක පවතින බව සදහන්වේ.

Exit mobile version